Sunday, June 15, 2025
Follow Us
පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000ක්

මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවා ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අස්වනු නෙලීමේ මුලික පර්යේෂණවලින් හෙළි වී ඇත.

මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති  නාස්තිය සියයට 10 සිට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල එය සියයට 25ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සමීක්ෂණයේදී ( Crop Cutting survey) අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

 බටඅත AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණයේ දී  හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හමුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 අස්වනු නෙලා ගැනීමට භාවිත කරන භූතයා හා සුනාමි වැනි යන්ත්‍ර වලින් අපතේ යාම ඉහල ගොස් ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් සනාථ කර තිබේ.