Monday, June 16, 2025
Follow Us
 ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කෙරේ

කැලණිය වරාගොඩ ස්ථාපිත කර ඇති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීම පසුගියදා සිදු වූ අතර එම  අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් විය.

ජාතික වීරවර ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක එකසිය පනස් හයවෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතා උපන් කැලණිය වරාගොඩ පෙදෙසේ මෙම පිළිරුව ඉදි කර තිබෙ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ කීර්ති ශ්‍රී ඤාණරතන හිමි, මහා භාරකාර ගනේෂ් ධර්මවර්ධන, වෛද්‍ය හාරිත ජයතිලක ඇතුළු ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.