Tuesday, June 17, 2025
Follow Us
IT කතුන්ට රෑ 10න් පසුවත් වැඩ කරන්න අවසර

කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක කාන්තාවන් රාත්‍රි දහයෙන් පසුවද සේවයේ යෙදවිය හැකි වෙයි. 

එලෙස සේවයේ යොදවා ගන්නා කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු එම කාන්තාවන්ගේ සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි ආයතන හිමිකරුවා ලබාදිය යුතු යැයි සංශෝධිත පනත් කෙටුම්පතේ සඳහන් වෙයි. 

මෙලෙස සේවයේ යෙදිය හැකි වන්නේ වයස අවුරුදු දහඅට සපුරා ඇති කාන්තාවන්ට පමණි. මෙම සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

Aruna