Tuesday, June 17, 2025
Follow Us
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව DIG ධුරයට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර පොලිස් අපරාධ දිසාවේ වැඩ ආවරණය සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත් කරනු ලැබීය. මෙම පත් කිරීම සිදු කර ඇත්තේ දැනට ඔහු දරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරවය.

ඊට අමතරව පොලිස් ප්‍රවාහන හා සන්නිවේදන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඹුරුපිටිය මහතා බස්නාහිර උතුර භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. එම්. සෙනරත් මහතා ප්‍රවාහන හා සන්නිවේදන දිසාවේ පොලිස් ප්‍රධානියා ලෙසත්, අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කාලිංග දිසානායක මහතා යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.