Tuesday, June 17, 2025
Follow Us
‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ කාක දූප‍තේ දී සාර්ථකව නිමා වෙයි

‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ 2024 ජනවාරි මස 19 සහ 20 යන දිනයන්හී ද මට්ටක්කුලිය කාක දූප‍තේ දී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහි දී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති ‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළුව දිවයිනේ ප්‍රකට රුවල් ඔරු සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. 

එහි දී, ILCA 6 OPEN කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සුළු නිලධාරි පී.ඩී.ඩී.එස්. රාජපක්ෂ විසින් ද, WIND SURFING කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නැවි කේ.පී.පී. ගුණවර්ධන විසින් සහ එහි දෙවන ස්ථානය සුළු නිලධාරි ඩබ්.ඒ.එස්. වීරතුංග විසින් ද, ILCA 7 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නාවික පාබල යූ.ඩී. රාජපක්ෂ විසින් ද එහි දෙවන ස්ථානය සුළු නිලධාරි පී.ඩී.ඩී.එස්. රාජපක්ෂ විසින් ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, GP 14 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සුළු නිලධාරි ඩබ්.ඒ.එස්. වීරතුංග සහ නායක නාවික පාබල ජී.පී.පී. කරුණාරත්න විසින් ද, එහි දෙවන ස්ථානය නායක නැවි කේ.සී ද සොයිසා සහ නායක ඉංජිනේරු කාර්මික ටී.ඩී.එස්. පෙරේරා විසින් ද, එහි තෙවන ස්ථානය නායක නැවි ඒ.එම්.ජේ.පී. අත්තනායක සහ නායක නැවි ඒ.එස්. ද සොයිසා විසින් ද, ENTERPRISE කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නාවික පාබල ජේ.එච්.එම්.පී.අයි. ජයපද්ම සහ නායක නැවි එස්.පී.පී.එන්. කුමාර විසින් ද, දෙවන ස්ථානය නායක නැවි කේ.එස්.කේ. ද සිල්වා සහ බල නැවි යූ.ජී.ඩී. මදුසංක විසින් ද, තෙවන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික ජේ.පී.එස්. ද සිල්වා සහ බල නැවි එල්.ඒ.සී.එම්. ගුණතිලක විසින් ද දිනා ගැනීමට සමත් විය.

තව ද, මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීහු, ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ සභාපති කපිතාන් චමින්ද ගුණරත්න