Tuesday, June 17, 2025
Follow Us
අනුරාධපුර මහවෙම්නා උයනේ මහ රුක් පූජා වැඩසටහනක්

මිහිමව සනසා මනුලොව සරසා මහ රුක් පූජා 2024 වර්ෂයේ පළමු අදියරේ වැඩසටහන අනුරාධපුර මහමෙව්නා උයන සහ තිසාවැව පාදක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. අඹ, දිවුල්, අලිගැට පේර ආදී පළතුරු පැළ සහ ඇසළ, මී, කුඹුක් වැනි ප්‍රදේශයට ආවේණික ශාක රෝපණය කිරීම මෙහිදී සිදුකෙරිණි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සියලුම පැළ වර්ග මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සපයාගෙන තිබේ.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් නිසි ස්ථානයන් තුළ මෙකී පැළ වර්ග රෝපණය කළ අතර මොරටුව විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු හා දෙවන වසර ඉගෙනුම ලබන විද්‍යාර්ථින් පිරිසක් විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කළ අතර සභාපති නිරෝධ ප්‍රභාෂ්වර ඉදිකඩුල්ල මහතා සහ ලේකම් තිවාරා රත්නායක මෙනෙවිය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබිණි.