Tuesday, June 17, 2025
Follow Us
සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට පියවර

ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව ,  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා  සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට අදහස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ  පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්

එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නැවත්වීම සඳහා කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

ඒ අනූව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට ද  අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.