Tuesday, June 17, 2025
Follow Us
කාබනික පොහොර නිෂ්පාදනයට කෘෂි උපකරණ ලබාදෙයි
සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කළ වලස්මුල්ල, ඕකෙවෙල ,වීරකැටිය, කටුවන, බෙලිඅත්ත හා තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවීන් 700 දෙනෙක් සඳහා ඔවුන් දිරිගැන්වීමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්ය කෘෂි උපකරණ කට්ටල ලබාදීම පසුගියදා සිදුවිය.

 

මෙහිදී එක් ගොවි මහතෙකු විසින් කාබනික පොහොර ටොන් එකක ප්රමාණයක් නිෂ්පාදනයකර ඇති අතර කාබනික වගාව කෙරෙහි ගොවීන් නැඹුරු කරවීමේ අරමුනෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කරන ලදි.
ශ්රීලංකා හදබිම අධිකාරිය මේ සඳහා ප්රතිපාදන සැපයීම සිදුකරනු ලබයි.