Friday, May 08, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නි. අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඔහුව අද පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.