Wednesday, June 18, 2025
Follow Us
සිසු හෙද අයදුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

2019/2020 අ.පො. ස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂයධාරා වලින් සමත්වී සිසු හෙද පුහුණූව සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් සිසු හෙද පුහුූණුවට තෝරා ගැනීමට මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි මස 13 දින සිට පෙබරවාරි මස 18 දින දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ‍

 මේ පිලිබද වැඩි විස්තර 2024.01.04 දින සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකිරීමට කටයුතු කර ඇති   අතර  අයදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර අවශ්‍යය  වැඩි විස්තර ලබා ගන්නා මෙන් සෞඛ්‍ය  අමාත්‍යංශය    අයදුම්කරුවන් හට දන්වා  සිටී.