Thursday, June 19, 2025
Follow Us
මරඳගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කෙරේ

ශ්‍රීපාදස්ථානයේ ආරම්භ කිරීමට නියමිත නව පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුමක් පසුගියදා(15) නල්ලතන්නිය ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පොම්පාගාරවලට අවශ්‍ය විදුලිය උත්පාදනය කර ගැනීම සඳහා විදුලි ට්‍රාන්ස්පෝමර් 4ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදුලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුළු උපකරණ සහ ද්‍රව්‍ය ටොන් 25ක පමණ ප්‍රමාණයක් මෙම භාණ්ඩ තොගයට අයත්.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවකින් මෙම ප්‍රවාහන මෙහෙයුම සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන්ගේ වෘත්තීය නිපුණත්වය හා පලපුරුද්ද මත මෙම මෙහෙයුම පවතින කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා.