Thursday, June 19, 2025
Follow Us
බස්නාහිර විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඊයේ(16) රාත්‍රියේ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනී සඳහා මෙම වැටලීම සිදු කර ඇත්තේ කොලොන්නාව, වැල්ලම්පිටිය, සංහිඳ සෙවන නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේය.

මෙම විශේෂ මෙහෙයුම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළුව පොලිස් නිලධාරීන් 156ක්, යුද හමුදා සෙබළුන් 154 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 16 දෙනෙකුද එක්ව තිබේ.

ඒ සදහා ඩ්‍රෝන යානා සහ පොලිස් නිල සුනඛයින් ද එක් කරගෙන ඇත.

මෙම මෙහෙයුමේදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර කඩු වැනි ආයුධ ද සොයාගෙන තිබේ.