Friday, June 20, 2025
Follow Us
පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනකුගේ ජීවිත අහිමි වෙයි

හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 සහ 22 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් බව හාලිඇල පොලිසිය සඳහන් කරයි.

පවතින අධික වර්ෂාවත් සමග මෙම තරුණියන් දෙදෙනා නිවසේ නිදනකාමරයේ ඇදක් මතට වී සිටියදී පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස්කන්දක් කඩා වැටී මොවුන් දෙදෙනා ඊට යට වී ඇති අතර , පසුව නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදනකාමරයට පස්කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිබෙන අයුරු දැක ඇත.

පස්කන්දට යටවු තරුණියන් දෙදෙනා බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව පොලිසිය වැඩිදුරටත් පවසයි.