Friday, June 20, 2025
Follow Us
හෙද හෙදියන් 2519කට පත්වීම්

2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 දින ආරම්භ කළ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු හට පත්වීම් ලබාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදු කෙරිණි.

ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පලාත් සභාව යටතේ පාලනය වන රෝහල් වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය. 2023.11.22 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.