Friday, June 20, 2025
Follow Us
ලෝක නගර දිනය වෙනුවෙන් චිත්‍ර තරගාවලියක්

ලෝක නගර දිනය නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහී දූ දරුවන් වෙත සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (14) නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ.


ඔක්තෝම්බර් 31 වැනිදාට යෙදී තිබූ මෙවර ලෝක නගර දිනයේ තේමාව වන්නේ සියලු දෙනා හට තිරසාර නාගරික අනාගතයක් සඳහා මුල්‍යකරණය යන්නයි.
කාණ්ඩ තුනක් යටතේ මෙම චිත්‍ර තරගාවලිය පැවැති අතර 1-5 කාණ්ඩය යටතේ තමන් කැමැති නගරය, 6 - 11 කාණ්ඩය යටතේ අනාගත නගරය හා ප්‍රවාහනය, 12 - 13 කාණ්ඩය යටතේ බලශක්ති අර්බුදය හා තිරසාර නාගරීකරණය යන මාතෘකා යටතේ චිත්‍ර සිතුවම් කිරීමට දරුවන්ට අවස්ථාව හිමි විය.