Saturday, June 21, 2025
Follow Us
ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ගම්පහ ගොවීන්ට වන්දි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් 2022/23 මහ කන්නය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වන්දි මුදල් හිමිකම් සහිත ගොවි මහතුන් සඳහා ඊට අදාළ චෙක්පත් ප්‍රදානය දිස්ත්‍රික් ලේකම් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ අතින් සිදු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ (08) පස්වරුවේ 'ලක්සියනෑ' මැඳුරේ  ශ්‍රවණාගාරයේදී පැවති අතර එම අවස්ථාවේ මෙම චෙක්පත් ප්‍රදානය සිදු විය.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් 2022/23 මහ කන්නය සඳහා වන්දි මුදල් ගෙවීමේ කටයුතු වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් 55 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. ඒ සඳහා රුපියල් 5,27,878 ක මුදලක් වෙන් කරනු ලැබීය.

මෙහිදී ගොවි මහතුන් 16 දෙනෙකු සඳහා සංකේතාත්මකව රුපියල් 4,33,344 ක මුදලක් චෙක්පත් මගින් ලබා දෙනු ලැබීය. අනෙකුත් ගොවි මහතුන්ට හිමි වන්දි මුදල් මේ වන විටත් ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා කසුන්දරී දිසානායක මහත්මිය සඳහන් කළාය.