Saturday, June 21, 2025
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත් කෙරේ

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී බලතල අනුව මෙලෙස අතුරු කමිටුව පත් කිරීමටයි අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මෙම අතුරු කමිටුවේ සභාපති අර්ජුණ රණතුංග පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ සහ අයිරාංගණී උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන අය පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු ඇත.