Wednesday, September 10, 2025
Follow Us
සැකකරුවන් දෙදෙනෙකු සෙවීමට මහජන සහය පතයි

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

පුද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල, උඩුමුල්ල පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් අනූ නව ලක්ෂ 43,108යි ශත 3ක මුදලක් එම සමාගමෙන් අයකරගෙන එම වටිනාකමට ඉදිකිරිම් නොකර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශණ අංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

එම පැමිණිල්ලට අනුව අදාළ සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි