Saturday, June 21, 2025
Follow Us
ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා කටාර්හි දෝහා සිට පැමිණි ගුවන් යානයකින් අද (05) අලුයම දිවයිනට පැමිණ තිබේ.

මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් , ඉතිරි 09 දෙනා ළමුන් බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

ඔවුන් පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළ අතර එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා කියා සිටියේ, රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවේ හෝටලයක රැඳී සිටි බවයි.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇත. ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී ඇති බව වාර්තාවේ.

මේ අතර, ඔක්තෝබර් මස මුලදී ඊශ්‍රායල-හමාස් යුද්ධය උත්සන්න වීමට පටන් ගැනීමෙන් පසු, තුවාල ලැබූ පලස්තීනුවන් සහ විදේශීය ජාතිකයන් පළමු වරට ගාසා තීරයේ සිට ඊජිප්තුවට පැමිණීමට පටන් ගත්තේ පසුගිය බදාදා (01) ය.

Dinamina