Wednesday, September 10, 2025
Follow Us
පොලිස් කොස්තාපල් පොලිස් අත්අඩංගුවට

බීමතින් ගොස් අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් රියදුරෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පොලිස් ජීප් රථයට දැඩි හානි සිදුව තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කොස්තාපල් රියදුරු බීමතින් සිටි නිසා ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාළ කොස්තාපල් රියදුරු වාලච්චේන රෝහල් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍යවරයා සහතික කර තිබෙ.

-Aruna