Wednesday, September 10, 2025
Follow Us
වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් හොකී තරගාවලිය පොළොන්නරුවේ දී

"වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසැල් හොකී තරගාවලිය - 2023" පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී තෙදිනක් පුරා පැවැත්විණ.

 

එහි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා පාසැල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රීඩා සංවර්ධන අරමුදලේ අනුග්‍රාහකත්වය යටතේ ප්‍රථම වරට මෙම තරඟාවලිය පැවැත්විණ.

තරඟාවලිය සඳහා බාලක බාලිකා කණ්ඩායම් 87ක් සහභාගී විය.

හොකී ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පසු වන්නේ ලෝකයේ 37වන ස්ථානයේ ය.