Wednesday, February 11, 2026
Follow Us
තැපැල් ඡන්දයට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්නැයි වෘත්තීය සමිතියක් ජනපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි

තැපැල් ඡන්දයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් වෙත ලිපි යොමු කරමින් එම වෘත්තීය සමිති සම්මේලනය මෙම ඉල්ලීම කර තිබෙනවා.

තැපැල් ඡන්දයට පෙර රාජ්‍ය සේවකයාට, ඡන්දය ප්‍රකාශය කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැදගත් වනු ඇති බවයි අදාළ ලිපිය මගින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ.

(Neth)