Thursday, September 11, 2025
Follow Us
කුඩා දැරියකට මරු කැදවූ වතුර ටැංකිය

නෙළුක්කුලම පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේ කුඩා දැරියක් වතුර ටැංකියකට වැඩීමෙන් මරණයට පත්ව තිබේ.

ඊයේ(25) සවස් කාලයේ අදාළ කුඩා දැරිය තවත් කුඩා දරුවන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී නිවස අසළ ඇති වතුර ටැංකියකට වැටී මෙලෙස මිය ගොස් ඇති බව නෙළුක්කුලම පොලිසිය සදහන් කරයි. දරිය වතුර ටැංකියට වැටී සිටියදී දැරියගේ සීයා විසින් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 01යි මාස 11ක්වන භාරතීපුරම්, වවුනියාව ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඥාතීන්ට බාර දී ඇත.

නෙළුක්කුලම පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Dinamina