Thursday, September 11, 2025
Follow Us
මහනුවර කුඹුල් පෙරහර අද වීදි සංචාරය කරයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍ය අද (21) වීදි සංචාරය ආරම්භ වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

 ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් 15ක් ඇතුලුව මෙවර අලි අතුන් හැත්තෑපහක පමණ ප්‍රමාණයක් සමස්ථ පෙරහැරට සහභාගීකරවා ගත හැකි යැයි ද ඒ මහතා පවසා සිටියේ ඇසළ පෙරහර සමාරම්භය නිමිත්තෙන් අද ශ්‍රී දළදා මාලිගාවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
අද සිට අගොස්තු මස 25 දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහර වීදි සංචාරය කරන බවත් පළමු රන්දෝලි පෙරහර අගෝස්තු මස 26 වන දින වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත බවත් දියවඩන නිලමේවරයා පවසා සිටී.
එමෙන්ම අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය අගෝස්තු මස 30 දින වන අතර එදින සාධාතුක පෙරහර කරඩුව අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ තැම්පත් කිරීමෙන් අනතුරුව පසුදින අලුයම් කාලයේ ගැටඹේ දිය කපනා ගංතොටේදී දිය කැපීමේ මංගල්‍ය සිදුවන බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය.