Thursday, September 11, 2025
Follow Us
පරෙවි දුපත නැරඹීමට යළි අවස්ථාව

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ (19) දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි.

ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර දී තිබේ.

මේ සමඟ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය, නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම්, ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමේ අවස්ථාව උදාවේ.