Thursday, September 11, 2025
Follow Us
වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනසක් නැහැ

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරන තුරු “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683 ක් සදහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

නිකුත් කළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පොරොත්තු ලේඛන ද ඇතුලත්ව 517,962 සඳහා වැඩිහිටි, 88,602 ක් සඳහා ආබාධිත හා 41,119 ක් සඳහා වකුගඩු රෝගී, දීමනා ලබා දීමට නියමිත බවයි.
වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල මගින් ද ලබා ගැනීමේ හැකියාව පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.