Wednesday, February 11, 2026
Follow Us
යාපනය ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනා කර නෑ

යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනා නොකර ජාතික ගීයේ අනුවාදනයක් පමණක් ප්‍රචාරය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවය ඊයේ (17 වැනිදා) යාපනයේදී පැවැත් විණි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නියෝජිතයන්ද එක්ව සිටියහ. උත්සවය රාජ්‍ය උත්සවයක් බැවින් ජාතික ගීය ගායනා නොකිරීම ගැටලුවක් බවද වාර්තා වෙයි.

පළාලි ගුවන්තොටුපොළ ලෙස හඳුන්වනු ලැබූ යාපනය ගුවන්තොටුපොළ රුපියල් මිලියන 2250 ක් වැය කරමින් සංවර්ධනය කර අන්තර්ජාතික ගුවන්තොටුපොළක් බවට පත්කර තිබේ.

(Aruna)