Friday, September 12, 2025
Follow Us
නිවසේ සුරතල් බලු පැටියා නිසා පාසල් සිසුවාට ජිවිතය අහිමි වෙයි

නි‍වසේ හුරතලයට ඇති කළ මාස දෙකක් පමණ වන බලු පැටියා සපා කෑමෙන් රෝගී වී ඉකුත් 4 වැනිදා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ කුරුවිට කඳන්ගොඩ පාසැලේ ඉගෙනුම ලබමින් සිටි වයස 12ක පාසල් සිසුවකු මාරාන්තික ජලභීතිකා රෝගය වැලඳ තිබීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (05) මරණයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුවිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික කරුණාරත්න මහතා පැවසුවේ. මේ බලු පැටියා මෙම දරුවා සපා කෑ දිනයක් නිශ්චිතව හඳුනාගෙන නැතත්, එම නි‍වස ආසන්නයේ දෙදෙනකු ද මෙම බලු පැටියා සපා කෑමෙන් පසු දින කිහිපයක් තුළ එම බලු පැටියා මරණයට පත්වීම නිසා ඔවුන් දෙදෙනා ජලභීතිකා එන්නත් කර ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත බේරී ඇතත්, මෙම දරුවා සපා කෑ බවක් ඔහුගේ මවුපියන්ට හෝ නි‍වසේ කිසිවකුට පවසා නොතිබීම හේතුවෙන් එම දරුවාට එන්නත් ලබා නොදීම නිසා මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බවයි.

මෙම දරුවා රෝහල්ගත කිරීමෙන් පසු ඔහුට ජලභීතිකා රෝගය වැලඳී ඇති බවට රෝහල් කාර්ය මණ්ඩලය හඳුනාගෙන ඇතත්, රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් රෝගය උත්සන්න වීමෙන් මෙම මරණය සිදුව ඇත.

Dinamina