Wednesday, February 11, 2026
Follow Us
තැපැල් ඡන්ද අයදුම්පත් 78,000 ප්‍රතික්ෂේප වෙලා

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත් 78,403 ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා ‍වේ. රාජ්‍ය සේවකයින් 717,918 ක් තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාරදී තිබිණි. ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත්වලින් 10% කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබේ.

සමස්ත අයදුම්පත්වලින් 639,515 ක් පිළිගත් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

තැපැල් ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔක්තෝබර් 31, නොවැම්බර් 01 සහ 04 යන දින වෙන්කර තිබේ. එම දිනවල තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි රජයේ සේවකයන් සඳහා නොවැම්බර් 07 වැනිදා අවස්ථාව හිමි වේ.

(LNW)