Friday, September 12, 2025
Follow Us
රුමේනියාවේ රැකියා සිහින පෙන්වු කඳානේ කතක් අත්අඩංගුවට

මීට පෙරත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස්ව සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන් තිබෙන්නේ රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකි.

අදාළ කාන්තාව මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය විසින් අත් අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහල කාන්තාවක් බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය.

එහිදී මෙම සැකකාරිය වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරි රවී අබේපාල මහතා විසින් කරන ලද විමර්ෂණයන්ට අනුව අත්අඩංගුවට ගන්නා ලද අතර, ( 20දින) සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටි.