Friday, September 12, 2025
Follow Us

සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසා සිටින්නේ නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ වැඩිදුරටත් පවසා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි

 

-Aruna