Wednesday, February 11, 2026
Follow Us
උදෑසනම ඡන්දය භාවිතා කරන්නැයි ඇල්පිටියේ ජනතාවට ඉල්ලීමක්

උදෑසනින්ම පැමිණ ඡන්දය භාවිත කරන ලෙස ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ ඇල්පිටියේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ වුණා.

ගැටළුවකින් තොරව මේ දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බවයි දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේ.

ඇල්පිටිය සහ පිටිගල යන ඡන්ද බල ප‍්‍රදේශවල ඡන්ද විමසීම අද පස්වරු 4 තෙක් පැවැත්වෙනවා.

(Neth)