Sunday, July 06, 2025
Follow Us
රජය විදේශීය මත්පැන් ගැන ගෙන ඇති තීරණයට සුරාබදු නිලධාරීන්ගේ විරෝධය

සුරාබදු නිලධාරීන්ගේ විරෝධය නොතකා රජය විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප‍්‍රවාහනය කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන සීමාවන් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළ කරනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි සම ලේකම් රනුර නජිත්සිං කියා සිටියේ "විදේශීය මත්පැන් ජාවාරම රටතුළ විශාල වශයෙන් සිදු කරන නිසයි සුරාබදු නිවේදන 985 මගින් ගෙන ආවා නීතියක් විදේශීය මත්පැන් ළඟ තබා ගැනීමේ උපරිම සීමාව ලීටර් 7.5ක් විදිහට. නමුත් ඒක යල්පැන ගිය නීතියක් විදිහට හඳුන්වා දෙමින් තමයි මෙම නව ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. මේ තීරණය අපි දකින්නේ මත්පැන් ජාවාරම්කාරයින්ගේ ජාවාරම්වලට ඉඩදීමේ ක්‍රියාවක් හැටියටයි." යනුවෙනි.

(Neth)