Wednesday, February 11, 2026
Follow Us
ඉතිහාසයේ පළමු වරට ජනපති සිහිනයට 29ක් ඇප තියති

ඉකුත් සිකුරාදා (04 වැනිදා) වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 29 දෙනෙක් ඇප තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය. එය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවය.

අද (6 වැනිදා) දහවල් 12 දක්වා ඇප තැන්පත් කළ හැකි අතර පසුගිය සිකුරාදා පමණක් අපේක්ෂකයන් අට දෙනකු ඇප තැන්පත් කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් ඇප මුදල් තැන්පත් කළේය.

ඒ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු පාර්ලිමේන්තුවෙන් ගත යුතු අවසර ලිපි ලබාගෙන ඇති බව වාර්තා වේ.

(Lanka Leads)