Sunday, July 06, 2025
Follow Us
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් දොළොස් දෙනකුට අධිචෝදනා

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ සිද්ධියට සැකකරුවන් අට දෙනකු හා දෙහිවල බාබිකල් ඉන් ලැඟුම්හලේ සිද්ධියට සැකකරුවන් හතර දෙනකු වශයෙන් නම් කර අධිකරණයට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කටයුතු යොදා ඇත.

සහරාන්ගේ නායකත්වයෙන් අප්‍රේල් 21 වැනි දින ස්ථාන නමයක සිදුවූ සිද්ධීන් සඳහා වෙන වෙනම නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව තරු පහේ හෝටල් තුනක්, අවන්හලක, දේවස්ථාන තුනක, දෙමටගොඩට හා සමන්තුරේ යන ස්ථාන නවයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී හෙළි වූ කරුණු අනුව සැකකරුවන් හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිචෝදනා භාරදීමට නියමිතව ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ රස වාර්තාවද කැඳවා ඇති අතර ඒ අනුව කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමට අදාළ වාර්තාව මේ සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(Aruna)