Sunday, July 06, 2025
Follow Us
අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වල මෙන්ම වව්නියාව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවල මෙම දිනවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.


(Neth)