Wednesday, February 11, 2026
Follow Us
ගුරුකන්දේ හිමියන්ගේ ආදාහන කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්න – සම්බන්ධන් ජනපතිට ලියයි

මුලතිව්හි ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකළ පිරිස් අත්අඩංගුවට ගන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

පොලිසිය මෙහිදී නීතිය කි‍්‍රයාත්මක කර නැතැයි ද ඔහු ජනපති වෙත යැවූ ලිපියේ දක්වා තිබේ.

එහෙත් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කොටි ත‍්‍රස්තවාදී නායකයන්ව ප‍්‍රසිද්ධියේ් සමරමින් නීතිය බිඳ දමා ඇතැයි උතුරේ ආරංචි මාර්ග කියා සිටියේය. මෑතකදී උතුරේදී තිලීිපන් නමැති කොටි හමුදා නායකයාගේ සැමරුම පැවැත්වූවා. ඊට පොලිස් අවසරය ගෙන තිබුණේ නැතැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

(Lanka Leads)