Wednesday, February 11, 2026
Follow Us
උසස් වීමක් සමග යෝෂිත රාජපක්ෂ යලි සේවයට

වැඩතහනමකට ලක්ව සිටි නාවික හමුදාවේ ලුතිනන් යෝජිත රාජපක්ෂ යලි නාවික හමුදාවේ සේවයට එක්ව තිබෙනවා. ඒ පසුගිය සතියේදී ඔහුව යලි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදීමත් සමගයි.

නාවික හමුදා සේවයට එක්වූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර තිබෙනවා. ඒ නාවික හමුදාවේ රේගුලාසි හා නිතිය අනුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලද අනුමැතිය අනුවයි.

මේ වන විට ලුතිනන් යෝෂිත රාජපක්ෂ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ සේවය සඳහා අනියුක්ත කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ.

(Neth)