Wednesday, February 11, 2026
Follow Us
පූජිත්ට සහ හේමසිරිට එරෙහි පෙත්සම් 12 විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව විවිධ පාර්ශ්ව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අනුමැතිය ලබා දුන්නේය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම්වලට අදාළ මූලික විරෝධතා ඇත්නම් ඒවා නොවැම්බර් 08 වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරු මඬුල්ල වග උත්තරකාර පාර්ශ්වයන්ට නියම කළේය.

(LNW)