Wednesday, February 11, 2026
Follow Us
ලෝක ළමා දින සැමරුම මාතලේ දී

අදට යෙදී තිබෙන ලෝක ළමා දින සැමරීමේ ජාතික උත්සවය මෙවර මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම පාසල් ළමුන් 1700 ක් පමණ මෙයට සහභාගී වෙයි

සුමිතුරු දැයකින් -දිනවමු දරුවන් යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙවර ලෝක ළමා දින සැමරුම් උත්සවයේ දී දරුවන් සුරකිමු ජාතික ළමා භාරකාර අරමුදල නිල වශයෙන් එළිදැක්වීම සිදු කෙරේ.

එමෙන්ම ජාතික ළමා ප්‍රඥප්තිය එළි දැක්වීම ද සිදුකෙරේ.

(Dinamina)