Tuesday, July 08, 2025
Follow Us
සියක් ආයු ලැබූ 573ක් ශ්‍රී ලංකාවේ

වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් පන්සිය හැත්තෑ තුනක් (573) මෙරට සිටින බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

එම වැඩිහිටියන්, ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති අතර, ඔවුන්ගෙන් හාරසියයකට (400) රුපියල් 5000 බැගින් දීමනාවක්ද ලබාදෙයි. වසර 2050 වන විට මෙරට ජනගහනයෙන් 29%ක් වැඩිහිටි ජනගහනය වන බවට පූර්ව අනාවැකි පළකර තිබේ.

මෙම වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන බිහි කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත. වැඩිහිටි ජනගහනය ඉහළ යෑම මත ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල වෙනම ඒකක ස්ථාපිත කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

(Aruna)