Wednesday, February 11, 2026
Follow Us
සහරාන් සමඟ පුහුණුව ලැබු 64 දෙනා යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා ඔක්තෝම්බර් 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට තිරණය කර තිබේ.

නුවරඑළියෙහි ඇති ජාතික තවුහිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩිහි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශනමත මොවුන් සැකපිට අත්අඩංගුවට ගැන රක්ෂිත බන්ධනාගාර ගත කර ලදී.

මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වැනි දින දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී .

(Lanka Leads)