Thursday, March 12, 2026
Follow Us
ඉන්ධන බෙදාහැරීමේ ගැටලු පාලනය කර ගන්න

රජයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්


මනා පාලනයකින් සහ කළමනාකරණයකින් යුතුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පවත්වාගෙන ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ වැඩසටහනේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් අදාළ අංශවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

Aruna