Thursday, March 12, 2026
Follow Us
තවත් පෙට්‍රල් තොගයක් දිවයිනට

දැවි තෙල් තොගය බලශක්ති උත්පාදනයට හා කර්මාන්ත ශාලාවලට


දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ(21) මෙරටට පැමිණ තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා.

මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිත අතර එම කටයුතු සිදු වන්නේ අදාළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වන පරීක්ෂණවලින් අනතුරුවයි.

තව ද අදාළ ට්විටර් පණිවිඩය මගින් අමාත්‍යවරයා පවසන්නේ, ඉන්ධන ලබා ගැනීම සඳහා වන අංක තහඩු ක්‍රමය සහ කෝටා ක්‍රමය බලාත්මකව පවතින බවත්, ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් වන QR කේත පරීක්ෂාව සහ ලියාපදිංචිය දිගට ම සිදු කරමින් පවතින බවයි

Aruna