Thursday, March 12, 2026
Follow Us
ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපති කාර්යාලය අසල ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේදී පුද්ගලයින් පිරිසකට පහරදී ඇති බවටත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවටත් තමන්ට තොරතුරු ලැබී ඇති බවයි සාලිය පීරිස් මහතා සඳහන් කරන්නේ.

බලධාරීන් විසින් සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළයුතු අතර අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩකාරීව බලය පාවිච්චි කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිකර ලෙස බලපානු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

LNW