Tuesday, March 31, 2026
Follow Us
ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක්

තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වුණා.

ඒ, කිලෝග‍්‍රෑම් 49 කාන්තා බර පංතියෙන්.

එහිදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 72 ක බරක් ඔසවමින් ඇය එක් ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා.

එම ඉසව්වේදී ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට හංසනී ගෝමස් විසින් එසවූ බර කිලෝග‍්‍රෑම් 85 ක්. ඒ අනුව සමස්ත ඉසව්වේදී ඇය විසින් ඔසවා ඇති බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 157 ක්.

එයද කිලෝග‍්‍රෑම් 49 කාන්තා බර පන්තියේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් වනවා.

(Neth)