Wednesday, March 11, 2026
Follow Us
දුම්රිය ගාස්තුත් සියයට 50කින් වැඩි වෙන ලකුණු

ඉදිරියේදී දුම්රිය ගාස්තුද අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් මෙහිදී සිදුවන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස ද සහභාගී වුණා.

NEth