Wednesday, March 11, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා සඳහා ගෑස්‌ සැපයුම සීමා කරයි

තවත් ගෑස් නෞකා දෙකක් ආනයනය කිරීමට සැලසුම්


අත්‍යවශ්‍ය සේවා සඳහා ගෑස් සැපයීම ද සීමා කර ඇති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර තිබේ.

ගෘහස්ථ ගෑස් නිකුත් කිරීම තවදුරටත් නතර කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුකළ නමුත් අද (19) දිනයේ සිට එම බෙදාහැරීමේ කටයුතු ද සිමා කර ඇත.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ කඩිනමින් තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට ආනයනය කිරීම සඳහා සැලසුම් කර ඇති බවත් එක් නෞකාවක් සඳහා ඉදිරි දින දෙක තුළ මුදල් ගෙවීමට නියමිතව ඇති බවත් ය.

Aruna