Wednesday, March 11, 2026
Follow Us
සහල් තොග සගවන්නන් සොයා පාරිභෝගික අධිකාරියෙන් විශේෂ මෙහෙයුමක්

පාලන මිලක් පැනවීමත් සමග සහල් තොග සගවන වෙළඳුන් ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ තොග සගවන වෙළඳුන්ගේ සහල් රාජසන්තක කරන බවයි.

ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවන බවට පළවන වාර්තා හේතුවෙන් බොහෝ පුද්ගලයින් වී තොග රැස්කිරීමට පෙළඹී සිටිනවා. එලෙස වී තොග රැස්කිරීම හරහා සහල් හිගයක් ඇතිවීමේ අවධානම තවත් ඉහළ යන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

Neth