Wednesday, March 11, 2026
Follow Us
දියේ ගිලී තිදෙනෙක් මරුට

වන්දනා ගමන අවමංගල්‍යයෙන් අවසන් වෙයි


ප්‍රදේශ දෙකකදි දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ අනුරාධපුර වන්දනාවේ ගොස් එමින් සිටි අහුංගල ප්‍රදේශයේ පදිංචි පිරිසකින් කිහිප දෙනෙක් තඹුත්තේගම, ලුණුවැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් හා 27ක් වන අහුංගල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවන්ය.

මේ අතර පාදුක්ක උඩුගම්කන්ද ප්‍රදේශයේ ඇති ඇල්ලක දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

අවුරුදු 54ක බෝපේ, පාදුක්ක පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Aruna